Wednesday, June 29, 2011

සුද්දට තේරුන ලංකාවේ චන්ද කිරිල්ල




ඔන්න ඉතින් මේක පත්තරයක තිබ්බ කතාවක් , මොනවා උනත් අපේ අයට ටිකක් හිතන්න දෙයක් තියෙන හින්දා මේක දින පොතේ ලියන්න හිතුවා,
ඔය ගොල්ලන්ට මතක ඇති නේ පහුගිය ටිකේම අපේ රටේ චන්ද පෝලිමට තිබ්බා කොහොම හරි ඔය එක ලොකු චන්දයක් වෙලාවේ .සුද්දෙක් ඒ කියන්නේ සංචාරකයෙක් ලංකාවට ඇවිල්ල තියෙනවා ,
මිනිහ කොහොම හරි ටුවරිස් ගයිඩ් කෙනෙකුත් අරගෙන නුවර යන්න පිටත් වුනාලු දැන් ඉතින් කටුනායකින් එලියට ආපු ගමන්ම පෙන්නේ පාර පුරා තියෙන පෝස්ටර් ලු .සුද්දට මේක මාර ප්‍රශ්නයක් ලු මිනිහ කොහොම හරි අර ගයිඩ් ගෙන් ඇහුවලු ,මේ අර පාර පුරා මිනිහෙක් ගේ මුණ දාලා පෝස්ටරයක් ගහල තියෙන්නේ ඔගොල්ලන් ගේ රටේ පොලිසියට ඕන කරන ලොකු අපරාද කාරයෙක්වත් හොයනවද කියලා ,

ගයිඩ් ට දැන් මාර අප්සෙට් ලු මිනිහ කිවුවලු නැ නැ මේ අපේ රටේ ලගදි චන්දයක් තියෙනවා කියලා , කොහොම හරි අර ගයිඩ් සුද්දට ලංකාවේ චන්ද ක්‍රමය ගැන හොදට කියල දුන්නලු සුද්දාටත් මේක අහල දැන් ටිකක් විතර අප්සෙට් ලු . කොහොම හරි සුද්දත් නුවර යනකම්ම මග දිගට ඉටිකොළ සැරසිලි , යෝද කටවුටි එක්ක ලංකාවේ චන්ද කිරිල්ල ගැන හොදට බල බල ගියාලු. ඉතින් නුවර ගියාට පස්සේ සුද්ද අර ගයිඩ් ගෙන් ඇහුවලු ,

" අපේ රටේ මේ වගේ ලස්සන පරිසරයක් නැති හින්දා අපි මේ වගේ සුන්දර රටවල් වලට එනවා , ඒ වගේ ලස්සන මේ රට මෙහෙම විනාස කරන මිනිස්සුන්ට මෙ රටේ මිනිස්සු චන්දෙ දෙනවද කියල "

මේක අහල ඉතින් අපේ ගයිඩ් ට වස ලැජ්ජාවේ බෑ ලු . මොනවා කරන්නද . ඔය සුද්දට තේරුණා ටික අපේ මිනිස්සුන්ට තේරෙනව නම් මේ රට මීට වඩා හොදතැනක තියෙයි නේ ද ?
( තේරුනේ නැත්තම් ඉතින් ලංකාවට දෙවිපිහිටයි ඔහොම යන් ඉතින් )

2 comments:

  1. ඕක අපේ අයට තේරෙන එකකුත් නෑ වගේ..තේරෙනවනම් ඉතින් මෙච්චර කාලයක් යාවිද?කොහොම උනත් අපේ අයගෙම වැඩ නිසා අපිට මීට වැඩිය ලැජ්ජා වෙන්න වෙන දේවල් ඉස්සරහට වෙයි..

    ReplyDelete
  2. එකනම් ඇත්ත , මං හිතන්නේ දැනටමත් ලැජ්ජා වෙන්න දෙයක් ඉතුරුවෙලා නැ

    ReplyDelete