Wednesday, June 29, 2011

අලුත් ආදරය

ඔන්න ඉතින් මගේ යාළුවා අද එයා අලුතෙන් ආදරය කරන්නපටන්ගත්ත එක්කෙනා එක්ක බෙල්ලන්විල පන්සල් ගිහිල්ල....

දැන් මිනිහ ඉන්නේ ෆුල් හැපි එකේ . එහෙ යනවා මෙහෙ යනවා හරි සතුටින් ඉන්නේ මොකද පරණ ආදරය වගේ මේකේ දුක් , හිත් බිදීම් නැනේ....මොකද මිනිහ අලුතින් ආදරය කරන්න ගත්තෙ බයික් එකකට නේ ( මිනිහ අලුතින් බයික් එකක් ගත්ත නේ ) කොහොම උනත් වෙනදේවල් බලනකොට බයික් එකකට ආදරය කරන එක හොදයි කියල හිතෙනවා ( දන්නවනේ පලවෙනි ආදරය බිද වැටුනට පස්සේ ඉතින් ) අද කලේ සැබෑවටම ආදරය කරන එක හරිම අමාරු වැඩක්නේ .............

කොහොම හරි කමක් නෑ මම නම් හිතන්නේ ඒ වගේ බයික් එකකට ආදරය කරන එක හරි ලේසි සහ හිත නොබිදෙන වැඩක් කියල. එක් කෙනාටනේ හිතන්න පුළුවන්, ආදරය කරන්න පුළුවන්, අනික් එක්කෙනාට තියෙන්නේ ආදරය ලබන්න විතරනේ.....

කොහොම හරි කමක් නෑ ,මිනිහ මේ ටිකේ පරණ දේවල් ටිකක් අමතක කරලා , අලුත් බයික් එකත් එක්ක ෆුල් හැපි එකේ ඉන්නේ ( ඔන්න ඉතින් දෙන්න දෙන්න ඉන්න අය මාත් එක්ක තරහ වෙන්න එපා මේක එක කතාවක් විතරයි නේ )

9 comments:

  1. ammata siri mage yaluwektath me wadema unane...me 2 ma ekkenekda 2k da :( Prashnayal ??????/

    ReplyDelete
  2. මම හිතන්නේ වෙන එකෙක් , එයාගේ බයික් එක තමා ඔය තියෙන්නේ (මොනවා උනත් යාළුවගේ නම නම් කියන්න එපා )

    ReplyDelete
  3. kellekta wada bick ekata adare karana eka lesi,mokada kello wage bick eka apiwa dala yanne na ne kawadawathma... eyala ape ladinma innawa hema damath....

    ReplyDelete
  4. එකනම් ඇත්ත , කොහේ ගියත් අපි එක්ක ම තමයි යන්නේ, එකනේ මේ අයිය බයික් එකක හොයා ගත්තේ

    ReplyDelete
  5. කොල්ලෙකුට ආදරේ කරනවට වඩාත් bike 1කට ආදරේ කරන 1 ලේසියි......කෙල්ලෝ විතරක් නෙමෙයිනේ ආදරේ කරන කෙනාව දාල යන්නේ..

    ReplyDelete
  6. කොහොම උනත් මේකේ යමක් තියෙනවා.දෙන්නටම හිතන්න පුළුවන් නිසානේ ප්‍රශ්න ඔක්කොම.එක්කෙනෙකුට විතරක් හිතන්න පුළුවන් උනාම එය අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දෙන්න පුළුවන් සරල දේවල් ටිකක් විතරයි.අනික අනිත් කෙනා කිසිම දෙයක් නැවත බලාපොරොත්තු වෙන්නෙත් නෑ..එතකොට ඉතින් කොහෙන්ද ප්‍රශ්න..ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු නොවීම තුල කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  7. එක ඇත්ත තරු , එකනේ මම කිව්වේ මේක එක කතාවක් විතරයි කියල ..... තරහ ගන්න එපා ( මේ ඔයාටත් ඒ වගේ අත්දැකීමක් තියනවා වගේ, බය නැතුව මට කියන්න මම බ්ලොග් එකේ දාන්නනම් හුදී ජනතාවගේ දැන ගැනීම උදෙසා ) හි හි හි ...............

    ReplyDelete
  8. හි හි හි ඔය වගේ අත්දැකීම් මම ඕනේ තරම් අහල තියෙනවා.මේකනේ අයස්,මටත් නහමයි කියන්න බෑ..එත් එක ප්‍රේමය නෙමේ.මිත්‍රත්වය ගැන අත්දැකීමක්.පස්සේ වෙලාවක කියන්නම්කො :P

    ReplyDelete
  9. අහපු කතා බැ , ඔයාගේ කතාව කියන්න ඕනි...................................

    ReplyDelete