Monday, October 24, 2011

ගඩාෆි සහ අපි නොදුටු පැත්ත .

                                                        ඔන්න ඉතින් මේ දවස් වල ගඩාෆි ගැනමනේ පත්තර වල තියෙන්නේ, කොහොම හරි ඉරිදා පත්තරේ ගෙදර පුටුවට වෙලා බල බල ඉන්න කොට දන්නෙම නැතුව නින්ද ගියා. ඔන්න ඉතින් හීනෙන් එකපාරටම රජ ඇදුම් ඇදගත්ත රජෙක් ලිබියාවේ හන්දියට වෙලා හුල්ල හුල්ල ඉන්නවා මට පේනවා  , මමත් ඉතින් ලංවෙලා පොඩ්ඩක් බැලුවා කවුද මේ රජතුමා කියල , මගේ මනසින් ඉතිහාස පොතේ පිටු පෙරල පෙරල බලනකොට . ඔන්න මතකෙට අවා මේ අපේ රටේ අන්තිම රජතුමානේ " ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමනේ".  
                                             මමත් ඉතින් ටිකක් ලංවෙලා රජතුමාගෙන් මෙහෙම ඇහුව , පස්වාන් දහසකට බුදුවන්න මහා රජතුමනි මොකෑ මේ ලිබියාව හන්දියට වෙලා කොරන්නේ ඔබතුමා ඉන්න ඕනි , කන්ද උඩරටනේ.  නැ මට මගේ කාලේ මතක් උනා , දුකටත් එක්ක මෙහෙ බලන්න ආවා.
                                                               ඔන්න ඉතින් මට කිසි දෙයක් තේරුනේ නැති නිසා මම කිව්වා , අනේ මහා රජතුමනි මට ඔබතුමා කියපු දේ තේරුනේ නම් නෑ කියල. එතකොට රජතුමා මගේ මුණ දිහා හොදට බලලා උබලට ඔය ටික තෙරුනා නම් මගේ රටට මෙහෙම කලක් යාවිද කියල . ලිබියා හන්දියේ වෙඩි වරුසාවකට හිල් වෙලා තිබ්බ තාප්පයක් උඩ හරි බරි ගැහිලා ඉදගත්තා , මමත් ඉතින් රජු සමග සම අසුන් සුදුසු නැති නිසා ලග තිබ්බ කරටිය කැඩුණු ලයිට් කණුවකට හේත්තු උනා . 
                                                                                   
                                                                                ඔන්න ඉතින් රජතුමා මෙහෙම කතාව කියන් යනවා , ඒ කාලේ ඔය තෙල් වලින් කිසි වැඩක්  නැනේ "ඒ කියන්නේ රජතුමාගේ කාලේ" , ඒ කාලේ වටිනා කමක් තිබුනේ කුරුදු ,තේ ,කොපි ලස්සනට වගාකරන්න පුළුවන් ඉඩම් පරිසරය තිබ්බ රටවල් නේ , "අද තෙල් තියන රටක ගඩාෆි පාලකයා උනා වගේ , එදා මම ලංකාවේ පාලකයා. " දැන් ඉතින් මගේ ටිකිරි මොලේට පොඩි අදහසක් නම් ආවා ඇත්තටම මේ ලෝකේ මොකද වෙන්නේ කියල   "  රජතුමා දිගටම කියනවා, කොහොම හරි සුද්ද අපේ මෝඩ මිනිස්සු ටිකකුයි බල ලොබි නායකයන් ටිකකුයි අල්ලාගෙන මටත් එදා කලේ ඔය ටිකම තමා . පස්සේ අපේ රටේ මිනිස්සු ඔය ටික තේරුම් ගන්නකොට කාලය ගිහිල්ල , 
                                                                 ඉතුරු ටික අපි හැමෝම දන්නවනේ සුද්ද ලංකාව හුරන්  කාල , කළු සුද්දෝ ටිකක හදල ගිය හැටි , ලිබියවටත් වෙන්නේ ඔය ටිකම තමා , එදා අද කියල වෙනසක් නෑ උන් හැමදාම  පොඩි රටවල් හුරන් කනවා ..... උබලා වත් මේවා තේරුම් අර...........  


රෑ....... සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා.............. 


මගේ ජංගම දුරකථනය එකදිගට නාදවෙනවා   මගේ නින්දත්  කැඩුනා අපරාදේ රජතුමා තව මොනවා හරි කියන්න ගියා දැන්මොනවා කරන්නද ...........






"ඉතිහාසය වර්තමානය අතර එක පැතිකඩක් පමණි පුද්ගල චරිත සම්බන්දයෙන් තව බොහෝ පැති  තිබිය හැක "

5 comments:

  1. කතාව්නම් හරියට හරි.නියමෙට ලියලා තියන්වා,ඇත්තටම ලිබියානු ජනතාවට දිලා තිබුනු වරප්‍රසාද බෑලුවාමමම හිතන්න්‍රි ඇමරිකාවේ මිනිස්සුන්ටවත් ඔය ජාතියෙනි පහසුකම් න,ඇත්තටම එහේ මිනිස්සුන්ගේ මෝඩ කම,ඇමරිකාව දිපු ගුලිය කෑව වගේ නෙමෙයි දිරවගන්න ගියාම තමයි අමාරුව

    ReplyDelete
  2. ඔව් අසංක , තෙල් ටික ඇමරිකාවයි එංගල්න්තෙයි හුරන් කාලා හපය ඉතුරු කරලා යනකොට ලිබියවටම තේරෙයි

    ReplyDelete
  3. 1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
    2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.
    3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.
    ... 4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.
    5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.
    6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.
    7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.
    8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි
    9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.
    10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.
    11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.
    12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.
    13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.
    14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.
    15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
    16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.
    (මෙය උපුටා ගැනිමකි

    ReplyDelete
  4. Libiawe gon haththa!

    ReplyDelete