Monday, July 11, 2011

නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ වාරය ඇවිල්ල ..........



නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ වාරය ඇවිල්ල ............
මේ දවස් වල කැම්පස් වල අධ්‍යන කටයුතු කෙරෙන්නේ නැති නිසා ,
ගෙදරට වෙලා ටිකක දවල් වෙනකම් නිදා ගන්න එක තමා කරන්නේ 
" මේකාලේ ලාංකීය තරුණ පරපුර  ටිකක නින්දට බරයිනේ "
කොහොම හරි උදේ පාන්දර නිදාගෙන ඉන්න කොට  ( උදේ කිවුවට 10.00 ට විතර )  
ඔන්න මට නිකම් හිනෙනේ වගේ ඇහෙනවා නැගිටපල්ලා නැගිටපල්ලා කියල .......
 
හරි  ෂුවර් එකටම, කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ලේක්චර්ලගේ සටනට සහය දෙන්න තීරණය කරලා තමා 
දැන් ඉතින් මගේ නින්දට තමා කෙල වෙන්නේ, දැන් ඉතින් කැම්පස් පලයන් කෝ .......හපොයි...... 
හැබැයි දෙගොල්ලෝ එකතුවෙලා ආණ්ඩුවට  ගේමක් දීල සටන දින්නොත් .......  
හපොයි ගෙදර නිදාගන්න තියෙන දවස් ටික තමා නැති වෙන්නේ .......   හැබැයි එක වෙන්න විදිහක් නැ
අපේ කොල්ලෝ කෙල්ලෝ මොකටද ගුරාලගේ සටනට සෙට් වෙන්නේ ....... 
ඇවිල්ල උගන්නන දවසකට , අපි ගිහිල්ල ඉගෙන ගන්නවා ...........
ඔන්න ඔහේ කොට්ටේ බදාගෙන මම තව ටිකක බුදිය ගන්නවා ..........

කොහෙද විනාඩි පහක් වත් නිදාගන්න ලැබුන් නැ අපහු ඔන්න ඇහෙනවා නිකම් හීනෙන් වගේ 
"නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ වාරය ඇවිල්ල "  වගේ කවුරු හරි කියනවා 
ෂුවර් එකටම ඔය කියන්නේ නුබලගේ වාරය ඇවිල්ල කියල 
අර ඇමතිතුමා කිව්වේ  කහ චොයිස්  , සුදු චොයිස්  ..........
ඔය ඒක තමා කියන්නේ,  ඇත්තටම අපේ වාරේ ඇවිල්ල නේන්නම් ....
කොට්ටේ බදාගෙන බුදියන් ඉදල හරියන්නේ නැ ...................
රැවුලයි, කොණ්ඩෙයි  වවාගෙන සෙරප්පු දා ගෙන කැම්පස් ගිය කාලෙට ආයුබෝවන් කියන්න ඕනි.
එකත් එකටම  කහ චොයිස්, සුදු චොයිස්  හොයාගන්න  කැම්පස් එන්න ඕනි නැනේ 
ඒවට වෙන වෙන තැන තියනවා නේ .............
ඔන්න ඔහේ තව ටිකක් බුදිය ගන්නවා ............

ඔන්න ඒපාර භුමි කම්පාවක් වගේ මාව හෙල්ලිලා ගිහින් ඇහැරුනා 
අර කට හඩ  ආපහු ඇහෙනවා ............. 
නැගිටපන් කොලුවෝ නැගිටපන්  මේ තේ එක නිමෙනවා  
යසයි වැඩේ 10.00 ත් වෙලා කැම්පස් නැ කියල මෙහෙමත් නිදා ගන්නවද ?
 හපොයි මෙච්චර වෙලා අම්ම නේ කතා කරලා තියෙන්නේ .........
මගේ තේ එක ..............


"නැගිටපන් මිනිහෝ නැගිටපන් නැත්නම්  උබේ තේ එක නිමෙයි" 
මම මටම කියා ගෙන ඇදෙන බැස්ස ........

7 comments:

  1. නියම කතා ට්කක් තව දාන්න

    ReplyDelete
  2. බොහොම ස්තුති
    කතානම් ගොඩයි

    ReplyDelete
  3. පුලුවන් ව්දිහට ඩාන්න පොස්ට් දාද්දි පොඩ්ඩක් වාකය ට්ක කඩලා පින්තුරයක් දැම්මා නම් හොදයි අලුත් පොස්ට් එකක් දැම්මොත් ආයේ එන්නම් ..

    ReplyDelete
  4. ස්තුතියි , මම බ්ලොග් කරණයට ටිකක අලුත් , ඒ නිසා ඔයාගේ අදහස් ගොඩක් වටිනවා ලගදීම අලුත් පොස්ට් එකක් දානවා

    ReplyDelete
  5. මේක කියවලාවත් තේ 1 නිමෙන්න කලින් නැගිටිමුද ?

    ReplyDelete
  6. එකනම් ඇත්ත, ලාංකීය තරුණ පරපුර මීට වඩා අවදියෙන් ඉන්න ඕනි

    ReplyDelete
  7. අනිවා අනිවා..............

    ReplyDelete