Saturday, July 9, 2011

ආදරේට..............


ආදරේ කරද්දී සමහරු පිස්සු කෙලිනවා, 
ආදරේ ලබාගන්න සමහරු පිස්සු වැඩ කරනවා, 
ආදරය නැවතුනාම සමහරු පිස්සු නටනවා ....
මේක ආදරේ ලබාගන්න බැරුව කොල්ලෙක් කරපු වැඩක් ........ 

වෙලාවට වැඩේ හරිගියේ නැ ..... 

ඔන්න ඉතින් මේ කියන යාළුවා එයාගේ එහා ගෙදර කෙල්ලට ලව් කරා,
කෙල්ල කොහොමහරි කොල්ලට කැමති නැ.
කොල්ල try කරලා try කරලා බැරිම තැන ආදරයේ නාමයෙන් දිවි තොරකර ගන්න හිතල .........
ඔන්න දැන් මිනිහ තීරණ දෙකකට අවා , 
1 වස බීම
2 බෙල්ලේවැල දමා ගැනීම  
කොහොම හරි, වැඩේ හරියටම හරියන්න කියල මිනිහ මේ ක්‍රම දෙකම එකපාර 
ක්‍රියාත්මක කරන්න තීරණය කරලා,
ගෙදරටයි, කෙල්ලටයි ලියුම් දෙකක් ලියල , වැඩේට ලෑස්ති උනාලු 
ගෙදර මේසයක් උඩ නැගලා බාල්කෙට ලනුවක් ගැටගහල බෙල්ලට තොන්ඩුව දා ගෙන  
වහ බෝතලේ බොන ගමන් මේසෙන් පනින්න හිතල , වහ බෝතලේ කටට ලංකරලා 
මෙසේ අයිනට ගිහිලා පනින්න. 
කොහොම හරි මිනිහගේ බරට මෙසේ පැත්තෙන් ඉස්සිලා මිනිහ ලනුවත් කඩාගෙන බිම වැටිලා 
වහ බෝතලේ  කටේ ඇනිලා , වැටුන පාරට  මිනිහගේ අතකුත් කැඩිලා .....
මාසයක් විතර රෝහලේ ආදර සුව වින්දලු.............

පසුව ලියමි ...
මේක මම බ්ලොග් එකේ දාන්න කලින් අපේ කතා නායකයාගේ ගෙදර ගාව ඉන්න 
යාලුවෙක්ට කෝල් එකක් දුන්න පොඩි කරුණු ටිකක මතක් කරගන්න ... 
(මිනිහ තමයි මට ඔය කතාව කිව්වේ )    මිනිහ එපාර මට කියනවා 
අපේ කතා නායකයා මේදවස්වල  අර කෙල්ලගේ නංගිට ලවු කරනවලු ..
ගමේ කට්ටිය ඔක්කොම බලන් ඉන්නේ මේපාර අපේ ප්‍රේම රාජයා  ආදරේට 
කරන්න යන්නේ මොකක්ද කියලලු ............... 

5 comments:

  1. පිස්සු තමා... මුන්ටත් කරන්න වැඩ නැතුවද කොහෙද! වහ බීලා ඒ මදිවට බෙල්ලෙ වැලත් දාගෙන.... අනේ ලොල්!

    ReplyDelete
  2. ලව් කරන්න ගත්තම ඔහොම තමා , ඔයා හොදට දන්නවනේ කතාව ......... :-)

    ReplyDelete
  3. මට නම් පව් කියලත් හිතුණා. මාර ඩයල් එකක්නෙ!

    ReplyDelete
  4. ආදරේට කරන වැඩ තම ඔවා

    ReplyDelete
  5. මරු මරු.............

    ReplyDelete