Monday, July 4, 2011

රජ මගුල්





ඔන්න ඉතින් පහුගිය මාසේ එංගලන්තේ රජ ගෙදර , රාජකීය මංගල්‍යය තිබුණනේ එදා ඉතින් අපි කැම්පස් එකට වෙලා ඔය ගැන කතා කර කර ඉන්නකොට අපේ එක යාලුවෙක් මෙහෙම කතාවක් කිව්වා,

ලංකාවේ මිනිස්සු ලැජ්ජා නැතිව දැන් සුද්දගේ රජගෙදර මගුල් බලනවා, අපේ මිනිස්සුන්ට මතක නැ, අපිටත් රජෙක් හිටියා කියල. අපේ රජාට මොකද උණේ?
සුද්දා ඇවිල්ල කිව්වා රජවරු එකාදීපතියෝ, ජනතාවගේ සල්ලි කාබාසිනියා කරනවා,
තව අනන් මනං ගොඩක් කතා කියල, අපේම පිරිසක් එක්ක එකතුවෙලා " කන්ද උඩරට ගිවිසුම " ගහල
අපේ රජාව, රාජකීය පරපුරම පිටුවහල් කරලා මරල දැම්ම
දැන් අපිට රාජකීය උරුමයක්, පෙළපතක් නැ
රාජකීය මගුලුත් නැ.
හැබැයි අරම කියපු සුද්දා උන්ගේ රජ පර පුර තාම රකිනවා, රජ මගුල් ලෝකෙටම පෙන්නනවා
අපේ මිනිස්සුත් කට ඇරගෙන මගුල් බලනවා, නිදහස අරන් 60 ත් පැන්න.
ටිකක හිතල බලන්න වැඩේ කොච්චර සාධාරණද කියල......................

දැන් අපේ යාළුවා දිගටම මෙහෙම කියන් කියන් යනවා, එතකොට තව යාළුවෙක්
" උබට පිස්සුද බන් විකාර ඉතිහයයක් කියන්නේ " කියල ඇහුව ඔන්න එතකොට

අර යාළුවට ටිකක් තරහ ගිහිල්ල මෙහෙම කිව්වා ඔන්න අහගනින් තේරෙන භාෂාවෙන්


මම උබේ ගෙදරට ඇවිල්ල, උබට කියනවා තාත්තල ළමයින්ට අනවශ්‍ය නීති දානවා
තාත්තල ගෙදර ඉන්න එකාධිපතියෝ කියල, උබේ තාත්තාව මරල දානවා ,
ඊට ටික කාලෙකට පස්සේ මම උබලගේ ගෙදර අයට කියනවා ,
දැන් ඇවිල්ල මගේ තාත්තට වැදපන් කියල ..........
ඔන්න ඔය වගේ වැඩක් තමයි සුද්දා අපිට කරේ ....
ඒ පාර නම් කට්ටියටම මිනිහ කිව්වේ මොකක ද කියල තේරුණා

මොනවා උණත් මිනිහ කිව්වා කථාවේ අදටත් ඇත්තක් තියනවා කියල මට හිතෙනවා ...............

4 comments:

  1. ඒ කතාවනම් සහතික ඇත්ත...ලැජ්ජාවක් නැතුව අපේ උනුත් පොර කකා ඔය මගුල බලන්න දැඟලුවනෙ :/

    ReplyDelete
  2. මං හිතුවේ ලංකාවේ රජෙක්, යුව රජාලා, ඔටුන්න හිමි කුමරු සහ වන්දි බට්ටයෝ ඉන්නවාය කියලනේ, ඇයි නැද්ද?

    ReplyDelete
  3. @ වීරසිංහ - ඇත්ත, ඔන්න ඔකයි ලංකාවේ තත්වය

    ReplyDelete
  4. @ කතන්දර - අම්මෝ පරිස්සමෙන් , ඕව කියන්න ගිහිල්ල අපේ බ්ලොග් වල කැලිත් හොයන්න නැතිවෙයි .....

    ReplyDelete