Friday, July 22, 2011

අපි යුද්දේ කරපු හැටි

                  ඔන්න ඉතින් ඊයේ පෙරේදා දවසක හවස මම ගෙදර ඉස්සර ඉස්තෝප්පුවේ වාඩිවෙලා ඉන්නකොට මට ඇහෙනවා රුපවාහිනියේ කවුදෝ හාදයෙක් අපි යුද්දේ කරපු හැටි කියල හෙන දේශනාවක්දෙනවා.මට හොදටම ෂුවර් මිනිහ යුද්දේ කාලේ අනුරාධපුරෙන් එහාට ගිහිල්ල නැතුව ඇති. ඔන්න ඉතින් ඔය ටික ඔලුවට එනකොට තම මට මතක් උනේ අපි මොනවද යුද්දේ කාලේ කලේ කියල   

අන්තිම ඊළම් යුද්දේ පටන් ගන්නකොට අපි ඉස්කෝලේ උසස්පෙළ පන්තිවල, ටිකෙන් ටික මගේ මතකය ඒ කාලෙට ඇදිල ගියා. යුද්දේ පටන් ගත්තේ සාම්පුර් පොලිස්සියට ගහල මාවිල්ආරු සොරොව්ව වහල, එතකොට අපේ අයට යුද්දේ ගැන ලොකු වැටහීමක් තිබුනේ නැ.කොහොම හරි තොප්පිගලින් යුද්දේ කොටසක් නිමවෙනකොට තමයි අපේ මිනිස්සුන්ට ඒ ගැන පොඩි වැටහීමක් ආවේ, හැබැයි සමහරුන්ට එකත් තිබ්බේ නැ,අපේ යාලුවෙක් ඔන්න පන්තියට ඇවිල්ල කියනවා 
" මචං තොප්පිගල ගේම ඉවරයි යාපනේට තව පොඩ්ඩ දුරක් නේද තියෙන්නේ එකත් ලගදීම ඉවර වෙයි ලු නේ " කියල , ඔන්න අපේ අයගේ දැනුම 

කොහොම හරි ඕක නෙමෙයි මම කියන්න ගියේ 
                                    දැන් ඉතින් මගේ මතකේ ඒ කාලෙට ඇදිල යනවා, හරි ඔය තියෙන්නේ අපි යුද්දේ කාලේ කරපුව කොළඹ අපිට යුද්දේ නොතිබුනාට මේහේ බෝම්ම්බ පිපුරුවනේ , අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ බෝම්බයක් පිපුරුනාම කියාද කියල අහන්න ....... කොහොම හරි උදේට බෝම්බයක් පිපුරුනොත් දවල් 12 ට ගෙදර වෙලපහෙන් නිවාඩු, හවස පිපුරුනොත් පහුවෙනිදා නිවාඩු... ගෙදර .......නැත්තම් බෝම්බ ලොරියක් හරි කොළඹ පුපුරුවන්න කොටි අවා කියල දවසම නිවාඩු අපි ඉතින් ගෙදරට වෙලා Breaking නිවුස් බල බල ඉන්නවා , බලන් ගියාම මෙහෙ අය යුද්දේ කාලේ ගෙදරමනේ ඉදල තියෙන්නේ දැන් ඔය කැගැහුවට, 
ඔව් ඉතින් ගෙදර ඉන්නේ නැතිව මොකෝ තුවක්කු අරන් යුද්දෙට යන්නද ?
 අමතක කරන්න නරකයි අපේ වයසේ ගම්වල තරුණ කොල්ලෝ ගොඩක් යුද්දෙට ගියා කියල.

ඇයි එතකොට අපි පූනරීන් ඇල්ලුවම මෙහෙ කොඩි දැම්මේ , අලිමංකඩ ඇල්ලුවම රතිඤ්ඤා දැම්මේ කිලිනොච්චි ඇල්ලුවම කිරිබත් කැපුවේ . ඔය තියෙන්නේ අපි දුන්න සහය. 
( හැබැයි ඔයිට වඩා දෙයක් අපිට කරන්න තිබ්බෙත් නැ ) 

කොහොම හරි මගේ මතකෙට නිකම් වගේ අවා අන්තිමට 18 වෙනිදා රතිඤ්ඤා දාල , පාරපුරා කොඩි අරගෙන දුවල , කිරිබත් හදල කාලා අපි විනෝද උනාට මේ ජයග්‍රහණයට ඇත්තටම දායක වෙලා, අත පය නැතුව මෙහෙ රෝහල් වලට වෙලා හිටපු සෙබලු කී දෙනෙක්ට එදා ඒ කිරිබත් කැල්ලක් දෙන්න අපේ අය කී දෙනෙක්ට මතක් උනාද කියල දැන් ඉතින් ඕව මතක් උනාට වැඩක් නැනේ අතීතෙට යන්න බැනේ. සමහර දේවල් ඔලුවට එන්නේ ටිකක් පහුවෙලා 

රුපවාහිනියේ පොර තාම දේශනාව දෙනවා වැඩේ කරපු හැටි ගැන, හැබැයි අර සොල්දාදුවෝ ගැන වචනයක් වත් නැ. " ඔව් ඉතින් මෙහෙ ඉදන් හුරේ දාපු අපිනේ යුද්දේ කරේ "

5 comments:

  1. ඒ දවස් වල රෑට ඇහෙන ඇම්බියුලන්ස් වල සද්දෙන් මුලු පළාතම මූසල වෙලා යනව වගේ.නොනවත්වා ලෙඩ්ඩු ගේනවනේ මෙහෙ ඉස්පිරිතාලෙට.අප්පේ එහෙම කාලයක්.

    ReplyDelete
  2. එක නිකම් දැන් හීනයක් වගේ , එහෙමත් කාලයක් අපිට තිබුන.

    ReplyDelete
  3. අපේ අයගේ යුද්ද ටෝක් මාරයි .... මාතෘකාව යුද්දේ තහනම් වචනය හමුදාපති , හැබැය් කතා කරන්නෙ නම් තමන් යුද්දෙට ගියා වගේ

    ReplyDelete
  4. ඇත්ත ඒ වගේ යුද ටෝක් මේ කලේ හැමතැනම ඇහෙනවනේ ............
    "කොට අදින අලි නෙමෙයි පෙරහැරේ යන්නේ "

    ReplyDelete
  5. ඔය හුඟක් එවුන්ගෙ යුද්දෙ ගැන තිබුන දැනුමයි ඔය බුවා වගේ සිරා පොරවල්ල හමුදාපති ගැන තිබුන දැනුමයි එකම තමයි.

    ReplyDelete