ඔන්න ඉතින් අපේ තරු කැම්පස් එකට තේරිලා නායකත්ව පුහුණුවත් සාර්ථකව ඉවරකරලා ඉන්නේ. පහුගිය දවසක් තරු මාත් එක්ක මුහුණු පොතේ පොඩි කතා බහකට එකතු උනා
මම : කොහොමද තරු කැම්පස් එක , දැන් පටන් ගත්තද ?
තරූ : අපෝ අයිය කතා කරන්න එපා, රජරට කැම්පස් එකට තමා යන්න තියෙන්නේ, එපා වෙනවා
මම : ඒ මොකද තරු ඒ එක හොද කැම්පස් එකක් නේ?
තරූ : ඕකනේ අයිය දන්න තරම තමා, මම ගිය සතියේ එහෙ ගියා.( ලියාපදිංචි වීම සදහා ) අවුව ට පිච්චෙනවා පහසුකම් හරියට නැ
මම : ඔන්න තරු දන්න තරම ඕක ජාතියන්තර පිළිගැනීමක් තියන විශ්වවිද්‍යාලයක්, එතකොට එහෙ අවුව වැඩිනම් සන් ක්‍රීම් එකක් අරන් යන්න
තරූ : ඒ කොහොමද ඒ අයියේ. ඒ කැම්පස් එකේ නම වත් මිනිස්සු හරියට දන්නෙත් නැ.
මම : ඔන්න එහෙනම් අහගන්න තරු, ජාතියන්තරයේ භාෂාව English , දැන් ඔයාගේ කැම්පස් එකේ නම කොහොමද English වලින් කියන්නේ රජ = king රට=Country එතකොට ඔයා යන්නේ
king country university
එතකොට ඕකෙන් ඔයා උපාදියක් අරන් පිට රට ගියාම එහෙ මිනිස්සු හිතනවා ඔයා ගිහිල්ල තියෙන්නේ රාජකීය උරුමයක් තියන කැම්පස් එකකට කියල , කොහොමද එතකොට පිලි ගැනීම ..
තරූ : දැන් නම් අයියේ පොඩි කික් එකක් තියෙනවා එහෙම නම් කැම්පස් යන්නම ඕනි .............
මම : කොහොමද තරූ සන් ක්‍රීම් ගාලා kingCountry university එකට යනකොට තියෙන පොෂ් එක .....
තරූ : අනේ මේ මම කිව්වා කියල හිතා ගන්න අයියේ .......... $%#^&%^$